ඇමෙරිකා එක්සත් ජනපදයේ 2026 මධ්‍යවාර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විටත් ඉතා උණුසුම් අයුරින් සිදුවෙමින් පවතී. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂය සහ ඩිමොක්‍රටික් පක්ෂය අතර පවතින මෙම තරඟයේදී කොංග්‍රසයේ සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගැනේ.

දැනට නිකුත් වී ඇති සංඛ්‍යාලේඛනවලට අනුව, සෙනෙට් සභාවේ ආසන 45ක් දිනා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව ඇති අතර රිපබ්ලිකන් පක්ෂය ආසන 36ක් ලබාගෙන ඇත.

එමෙන්ම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය තහවුරු කර ගැනීම සඳහා ආසන 218ක් අවශ්‍ය වන අතර, මේ වන විට ඩිමොක්‍රටික් පක්ෂය ආසන 104ක් සහ රිපබ්ලිකන් පක්ෂය ආසන 61ක් ලෙස ප්‍රතිඵල වාර්තා වී තිබේ.

කෙසේ වෙතත්, ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බැවින්, කොංග්‍රසයේ අවසන් බලය තීරණය වනු ඇත්තේ නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version