2008 වසරේ දෙහිවල ප්‍රදේශයේ අවන්හලකදී ඇති වූ ආරවුලක් අතරතුර මුදල් කොල්ලකෑමේ සිද්ධියකට වරදකරු වූ පුද්ගලයින් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර ඇත.

මෙම නඩුව දීර්ඝ කාලයක් තිස්සේ විභාග කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

නීතිපතිවරයා විසින් පවරා තිබූ මෙම නඩුවේ චෝදනා ලබා සිටි පිරිස අතර හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් පුද්ගලයෙකු සිටියහ.

එම චෝදනාවලට වරදකරු වූ සිවිල් පුද්ගලයාට වසර 5ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම වූ අතර, හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනාට වසර 3 බැගින් වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version