ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කරමින්, 2030 වසර වන විට මෙරට ඩිජිටල් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5ක ඉලක්කයක් කරා ගෙන යාමේ අරමුණින් විශේෂ ජාතික වැඩමුළුවක් කොළඹදී පැවැත්විණි. ‘The Road to US$5 Billion’ මැයෙන් පැවති මෙම වැඩමුළුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech Sri Lanka විසින් ලෝක බැංකු සමූහයේ තාක්ෂණික සහාය ඇතිව සංවිධානය කර තිබුණි.
මෙම වැඩමුළුවේදී ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය පිළිබඳ තක්සේරු වාර්තාවක් සහ යෝජිත උපායමාර්ගික මාර්ග සිතියමක් ඉදිරිපත් කෙරිණි. කර්මාන්ත ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ සහ පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබා ගනිමින් මෙම සැලැස්ම තවදුරටත් සංවර්ධනය කිරීම මෙහි මූලික අරමුණ විය.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය සහ ලෝක බැංකු සමූහයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මානව සම්පත් සංවර්ධනය, නවෝත්පාදන, ගෝලීය වෙළෙඳපොළ ප්‍රවේශය සහ තිරසර වර්ධනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
කෘත්‍රිම බුද්ධිය වැනි නව තාක්ෂණික ප්රවණතා හමුවේ කර්මාන්තයේ සිදුවන වෙනස්කම් සහ දේශීය නවෝත්පාදන ගෝලීය වෙළෙඳපොළට රැගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද විශේෂ අවධානය යොමු විය. මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාව කලාපයේ ප්රමුඛ ඩිජිටල් ආර්ථිකයක් ලෙස ස්ථානගත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාකාරී රාමුවක් සැපයීමට අපේක්ෂා කෙරේ.
ඉදිරියේදී මෙම යෝජනා ඇතුළත් කරමින් ඒකාබද්ධ ක්‍රියාකාරී වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිත අතර, ඒ සඳහා අදාළ ආයතනවල වගකීම් සහ කාලරාමු පැහැදිලිව හඳුනා ගැනීමට නියමිතය. මෙම අවස්ථාව සඳහා රාජ්‍ය නිලධාරීන්, තාක්ෂණික ක්ෂේත්රයේ ව්‍යවසායකයන්, ආයෝජකයන් සහ විශ්වවිද්‍යාල නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර