තායිලන්තයේ බැංකොක් නුවර සිට ගුවන් මගින් මෙරටට එවා තිබූ පාර්සලයක් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වූ බව රේගු අංශ පවසයි. පසුගිය ජූලි 24 වැනිදා මෙම භාණ්ඩ තොගය දිවයිනට පැමිණ ඇති අතර, රේගු ගබඩාවේ තැන්පත් කර තිබියදී පරීක්ෂාවට ලක් කර ඇත.
ඊයේ (31) සිදුකළ සවිස්තරාත්මක පරීක්ෂාවේදී, ලෝහමය බහාලුම් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ පොලිතීන් පැකට් කිහිපයක් හමුවී තිබේ. එම පැකට් තුළ මරිජුවානා සහ හෂිෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10.608ක ප්‍රමාණයක් තිබී ඇත.
අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 10 ඉක්මවන බව රේගු නිලධාරීන් සඳහන් කරයි. මෙම ජාවාරම පිටුපස සිටින පුද්ගලයන් සහ එය ලැබිය යුතු ලිපිනය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
