මිරිස්ස ප්‍රදේශයේදී ඊයේ (31) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. තුවාල ලැබූ පුද්ගලයා 34 හැවිරිදි වියේ පසුවන්නෙකි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඔවුන් වෙඩි තැබීම සඳහා රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැක පළ කරයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා වහාම මාතර මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇත.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මිරිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version