විශේෂ කාර්ය බලකායේ බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම මහා පරිමාණ ගංජා ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට හැකි විය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජූලම්පිටිය, ගල්වාඩිය ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.

කොස්ලන්ද පොලිස් වසමට අයත් උණකන්ද රක්ෂිත ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී සැකකරු සන්තකයේ තිබී වියළි ගංජා කිලෝ 282ක් සහ ග්‍රෑම් 240ක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහු සන්තකයේ තිබූ ගංජා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොස්ලන්ද පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version