මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමේ අරමුණින් ඊයේ (01) රාත්‍රී කාලයේ සිට නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කර තිබුණි. බන්ධනාගාර පරිපාලනය සමඟ ගැටුම් ඇති කර ගනිමින් ඔවුන් මෙම පලා යාමේ උත්සාහයේ නිරත වී ඇත.
මෙම සිදුවීම අතරතුර රැඳවියන් විසින් බන්ධනාගාර පරිශ්‍රයේ තිබූ දේපළ රැසකට හානි සිදු කර ඇති අතර, පරිපාලන ගොඩනැගිලි සහ වැදගත් ලිපිලේඛනවලට ගිනි තබා විනාශ කර ඇති බව වාර්තා වේ.
ආරක්ෂක අංශ සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් අද (02) පෙරවරුව වන විට බන්ධනාගාරය තුළ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වී තිබේ.
සිද්ධියට හේතු වූ කරුණු සහ එහි ස්වභාවය පිළිබඳව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙය රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් සැලසුම් සහගතව සිදු කළ ක්‍රියාවක් ද යන්න පිළිබඳව ද විමර්ශන අංශවල අවධානය යොමුව තිබේ.
