මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියක් හේතුවෙන් බන්ධනාගාර පරිශ්‍රයේ තිබූ ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සිද්ධියෙන් මුළුතැන්ගෙය, පුනරුත්ථාපන ගොඩනැගිල්ල, පුනරුත්ථාපන කාර්යාලය, ප්‍රධාන ජේලර් කාර්යාලය මෙන්ම බන්ධනාගාර රෝහලට ද බරපතළ හානි සිදුවී ඇතැයි වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ, මෙම නොසන්සුන්කාරී තත්ත්වයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන බවත්, ඒ හරහා සිදුවූ අලාභ හානි සහ සිද්ධියට මුල්වූ කරුණු පිළිබඳව තහවුරු කරගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version