මාදම්පේ පොලිස් වසමට අයත් පම්බල ප්‍රදේශයේදී සිදුවූ ට්‍රැක්ටර් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පොල් ඉඩමක් තුළ ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටර් රථය රියදුරුට පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් අගලකට පෙරලී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරු වහාම හලාවත රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

මියගිය පුද්ගලයා 24 හැවිරිදි පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version