මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඩෙවෝන් දිය ඇල්ලට ජලය සැපයෙන ඩෙවෝන් ඇළ පිටාර ගලමින් පවතී.
මෙම තත්ත්වය හේතුවෙන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ පිහිටි නිවාස 40ක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.
නිවාස ජලයෙන් යටවීම හේතුවෙන් අවතැන් වූ පදිංචිකරුවන් මේ වන විට ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
මේ අතර, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හැටන්-නුවරඑළිය සහ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
ප්‍රධාන මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී දැඩි අවධානයෙන් සහ සෙමින් රිය ධාවනය කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර