ඉන්දුනීසියාවේ සුරබයා නගරයේ සිට මකාසාර් නගරය බලා ගමන් කරමින් තිබූ ‘KMP Mutiara Sentosa 2’ මගී තොටුපළේ හදිසියේම ගින්නක් හටගෙන තිබේ. මෙම අනතුර සිදුවන අවස්ථාවේ නැවෙහි මගීන් 250කට අධික පිරිසක් ගමන් කරමින් සිටි බව එරට බලධාරීන් තහවුරු කරයි.
මධුරා දූපත ආසන්නයේදී නැවේ ඉහළ කොටසින් හදිසියේම ගිනිදැල් සහ ඝන දුමක් මතුවීමත් සමඟ මගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇත. නැවේ කපිතාන්වරයා විසින් වහාම බලධාරීන් දැනුවත් කිරීමෙන් පසු ඉන්දුනීසියාවේ ජාතික සෙවුම් සහ මුදාගැනීමේ ඒජන්සිය (Basarnas) විසින් මෙහෙයුම් ආරම්භ කර තිබේ.
පවතින වාර්තා අනුව මෙම අනතුරින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 41 දෙනෙකු අතුරුදහන්ව සිටින බව සඳහන් වේ. මුදාගැනීමේ කණ්ඩායම් පැමිණෙන තුරු බොහෝ මගීන් නැවේ පාලම මත රැඳී සිටිමින් දිවි ගලවා ගැනීමට උත්සාහ දරා ඇති බව දර්ශනවලින් පැහැදිලි වේ.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දර්ශනවල මගීන් ජීවිතාරක්ෂක කබා පැළඳ බෝට්ටු මගින් ආරක්ෂිතව ඉවත් වන අයුරු දැකගත හැකිය. මේ වන විටත් අතුරුදහන් වූවන් සොයා සෙවුම් මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
ගින්න හටගැනීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බව බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර