යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කරයි. ක්‍රිකට් පරිපාලනයේ පැවති ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් මෙම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ක්‍රීඩාංගණ ව්‍යාපෘතියට අභ්‍යන්තර ක්‍රීඩාංගණයක් ද ඇතුළත් වන අතර, එය කඩිනමින් නිම කිරීමේ අරමුණින් පසුගිය ජනවාරි මාසයේදී මුල්ගල් තබා වැඩ කටයුතු ආරම්භ කරන ලදී. කෙසේ වෙතත්, ඇතැම් පාර්ශ්ව විසින් අධිකරණයේ නඩු පැවරීම හේතුවෙන් ඉදිකිරීම් කටයුතුවලට බාධා එල්ල විය.

මෙවැනි ක්‍රියාමාර්ග නිසා අවසානයේ අගතියට පත්වන්නේ යාපනයේ ක්‍රීඩාලෝලී තරුණ පරපුර බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. දේශපාලන අරමුණු වෙනුවෙන් දරුවන්ගේ ක්‍රීඩා සිහින සහ අවස්ථාවන් විනාශ නොකරන ලෙස ඔහු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

පවතින පරිපාලනමය ගැටලු විසඳීමෙන් අනතුරුව, නතර කර ඇති ඉදිකිරීම් කටයුතු කඩිනමින් යළි ආරම්භ කර ජනතා අයිතියට පත් කිරීමට රජය අපේක්ෂා කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version