කෑගල්ල, කරඬුපන හන්දියේදී අද (03) උදෑසන සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ රඹුක්කන සිට මහනුවර දෙසට ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ දිගන සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙනි.
අනතුරින් තුවාල ලැබූ මගීන් වහාම කෑගල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
