දහම් පාසල් අධ්‍යාපනය වඩාත් ශක්තිමත් කිරීම සහ ගුණධර්මවලින් පිරිපුන් දරු පරපුරක් රටට දායාද කිරීම අරමුණු කරගනිමින් නව වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි.
අනුරාධපුර, කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති 131 වන දහම් පාසල් ජාතික දින සැමරුම් උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. දහම් පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමට සහ දහම් පාසල් ගුරුවරුන් සඳහා විධිමත් පුහුණු වැඩසටහන් දියත් කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට එක්වූ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ, වර්තමාන සමාජය තුළ ගුණවත් මිනිසුන්ගේ අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බවයි. එවැනි සමාජයක් ගොඩනැගීම සඳහා දහම් පාසල් ගුරුවරුන් ඉටුකරන ස්වේච්ඡා මෙහෙවර අතිශය අගය කළ යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණි සේනාරත්න මහතා පෙන්වා දුන්නේ, දැනට දිවයින පුරා ක්‍රියාකාරී දහම් පාසල් 10,218ක් පවතින බවත්, එහි දරුවන් ලක්ෂ 15කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන බවත්ය. ඒ සඳහා ගුරුභවතුන් 117,000කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් සේවය කරති.
උත්සවයේදී දහම් පාසල් තරගවලින් ජයග්‍රහණය කළ සිසුන් ඇගයීම, ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම සිදු කෙරුණු අතර, දිගුකාලීනව සේවය කළ ගුරුවරුන් ද ඇගයීමට ලක් කෙරිණි. උතුරු මැද දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත ගෞරව සම්මානයක් පිරිනැමීම ද මෙහි විශේෂත්වයක් විය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර