අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගවලට පෙනී සිටින සිසුන් වෙනුවෙන් පවත්වනු ලබන උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්රණ විභාග කාලසීමාව තුළ පැවැත්වීම තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති හෙට (04) මධ්‍යම රාත්‍රී 12 සිටත්, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ පන්ති අනිද්දා (05) මධ්‍යම රාත්‍රී 12 සිටත් තහනම් කෙරේ. මෙම කාලසීමාව තුළ අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම සහ විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කිරීමද තහනම් කර ඇත.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ මස 09 වැනිදා විභාග මධ්‍යස්ථාන 2723කදී පැවැත්වීමට නියමිතය. උසස් පෙළ විභාගය මේ මස 10 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් 05 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2532කදී පැවැත්වේ.
මෙම නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයින් හෝ ආයතන විභාග පනත යටතේ වරදකරුවන් වන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය අවධාරණය කරයි. එවැනි ක්‍රියාකාරකම් පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර