ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නව සභාපතිවරයා ලෙස සුරංජිත් වෑවිට මහතා පත් කර ඇත.

මීට පෙර එම ධුරයේ කටයුතු කළ බුද්ධික හේවාවසම් මහතා පෞද්ගලික සහ වෘත්තීය හේතුන් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මෙම පුරප්පාඩුව නිර්මාණය විය. ඔහු සිය ඉල්ලා අස්වීම විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබිණි.

නව සභාපතිවරයා ලෙස පත් වූ සුරංජිත් වෑවිට මහතා බැංකු ක්ෂේත්‍රයේ වසර 20කට අධික කාලයක සේවා පළපුරුද්දක් ඇති අයෙකි. ඔහු ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරමින් සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version