ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර කම්කරු ක්ෂේත්රයේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කරමින් වැදගත් ගිවිසුම් දෙකකට අත්සන් තබා ඇත. බැංකොක් නුවරදී පැවති උත්සවයකදී මෙම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබුණි.
මෙම ගිවිසුම් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ තායිලන්තය වෙනුවෙන් එරට කම්කරු අමාත්‍ය ජුලාපුන් අමෝර්න්විවාත් මහතා අත්සන් තැබූහ.
නව ගිවිසුම් මගින් තායිලන්තයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම්, සුභසාධනය සහ ආරක්ෂාව තහවුරු කිරීමට නීතිමය රාමුවක් සැකසෙනු ඇත. දෙරට අතර පවතින අඛණ්ඩ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම පියවර ගෙන තිබේ.
තායිලන්තයේ පවතින ශ්‍රම හිඟයට විසඳුමක් ලෙස ශ්‍රී ලාංකික සේවකයින් 10,000 දෙනෙකු බඳවා ගැනීමට තායිලන්ත කැබිනට් මණ්ඩලය දැනටමත් අනුමැතිය ලබා දී ඇත. මෙය දෙරට අතර ආරක්ෂිත සහ විධිමත් කම්කරු සංක්‍රමණයක් සඳහා මඟ පාදනු ඇත.
අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී අදහස් දක්වමින්, ශ්‍රී ලාංකික සේවකයින්ට රැකියා අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් තායිලන්ත රජයට සිය ස්තූතිය පළ කළේය. එසේම සේවකයින්ගේ සමාජ ආරක්ෂණය සහ සුභසාධනය වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර