දෙහිවල, සිරිසඟබෝ පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ එම ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රීරෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 11 වැනිදා උදෑසන මෙම ප්‍රහාරය එල්ල වූ අතර, එම සිදුවීමෙන් නිවසේ සිටි සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙය වැරදි ඉලක්කයක් වෙත එල්ල කරන ලද ප්‍රහාරයක් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර