කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවට ප්‍රදේශයේ අද (16) දින විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

එයාර්බස් ගනුදෙනුවකට අදාළව පවතින නඩු විභාගයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

මෙම නඩු කටයුත්ත හේතුවෙන් අධිකරණ පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

අදාළ නඩුව අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිත බව වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version