නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන ඔක්තෝබර් මස 28 වන දින යළි කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

මෙම නඩුව අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවනු ලැබීය. දැනට ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍යවරයා අද දින අධිකරණයේ පෙනී සිටියේය.

සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය මෝටර් රථ ආඥා පනත යටතේ පවතින නඩුවක් බව පෙන්වා දුන්නේය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ නඩුව යළි කැඳවීම සඳහා ඔක්තෝබර් 28 වන දින නියම කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version