2026/27 මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු විධිමත් ලෙස සැලසුම් කිරීම සඳහා වූ මූලික සාකච්ඡාවක් පසුගියදා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ ජාතික පොහොර ලේකම් කාර්යාලය ඇතුළු ආයතන රැසක නිලධාරීන් එක්ව සිටියහ. ඉදිරියේදී ඇතිවිය හැකි කාලගුණික විපර්යාස සහ එල් නිනෝ තත්ත්වයන් කෘෂිකර්මාන්තයට බලපෑ හැකි ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.
දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලසීමාව තුළ අවම වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, ජල කළමනාකරණය නිසි ලෙස සිදු කරමින් ඔක්තෝබර් මස මුල් භාගයේදී වී වගා කටයුතු ආරම්භ කිරීමේ වැදගත්කම වාරිමාර්ග නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී.
එළඹෙන මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර සහ වී බීජ ප්‍රමාණවත් පරිදි ගබඩා කර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තහවුරු කළේය. මෙවර මහ කන්නයේදී හෙක්ටයාර අටලක්ෂයක වී වගා කිරීමට රජය අපේක්ෂා කරයි.
ගොවීන් තාක්ෂණික නිර්දේශ අනුව වගා කටයුතු ආරම්භ කිරීමේ අවශ්‍යතාවය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. මෙම මූලික සාකච්ඡාවේ තීරණ මත පදනම්ව, අවසන් තීරණ ගැනීම සඳහා වන විශේෂ සාකච්ඡාව සැප්තැම්බර් 18 වන දින ගන්නෝරුවේදී පැවැත්වීමට නියමිත බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර