වවුනියාව දිස්ත්‍රික්කයේ පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ වගාවන් විනාශ වී ගියද, අඹ වගාව සාර්ථකව පවත්වාගෙන යාමට ප්‍රදේශයේ ගොවීන්ට හැකියාව ලැබී තිබේ.

පවතින වියළි කාලගුණය අඹ වගාවට හිතකර බලපෑමක් ඇති කර ඇති බවත්, මල් හට ගන්නා කාලයේදී පමණක් සුළු වශයෙන් ජලය සැපයීම තුළින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වී ඇති බවත් ගොවීහු පෙන්වා දෙති.

වියළි කාලගුණය හේතුවෙන් මෙම ප්‍රදේශයේ අඹවල රසය ඉතා ඉහළ මට්ටමක පවතින බවත්, එම නිසා වෙළෙඳපොළ තුළ අඹ සඳහා විශාල ඉල්ලුමක් නිර්මාණය වී ඇති බවත් වාර්තා වේ.

අනෙකුත් වගාවන්ට සාපේක්ෂව අඹ වගාව තුළින් මෙවර සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් ගොවි ජනතාව සිය සතුට පළ කරති.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version