උඩුදුම්බර ප්‍රදේශයේ පිහිටි ‘මිනි වර්ල්ඩ්ස් එන්ඩ්’ නැරඹුම් මධ්‍යස්ථානයේ ප්‍රපාතයකට වැටීමෙන් 27 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම අනතුර සිදුවීමත් සමඟ මෘත දේහය ගොඩගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට සිදුවිය.

අනතුර පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ බලකායේ 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නුවරඑළියේ සිට එම ස්ථානය වෙත පිටත්ව ගොස් තිබේ. ඔවුන් විසින් ඉතා දුෂ්කර මෙහෙයුමකින් පසු දේහය ගොඩගැනීමට සමත් විය.

මීටර් 355ක් පමණ ගැඹුරු ප්‍රපාතයක තිබී සොයාගත් මෘත දේහය, දහවල් 12.30 පමණ වන විට ආරක්ෂිතව ගොඩට ගැනීමට හමුදා කණ්ඩායම සමත් විය. අනතුරුව දේහය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා උඩුදුම්බර පොලිසිය වෙත භාර දෙන ලදී.

මියගිය තරුණයා මැණික්හින්න, ලූණුකෙඩියාමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version