මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා 2026 තරගාවලියේ නිල සුවඳ විලවුන් හවුල්කරු ලෙස කටයුතු කළ බෙවර්ලි හිල්ස් පෝලෝ ක්ලබ් (BHPC) සන්නාමය, තරගකාරියන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් සිය දායකත්වය ලබා දුන්නේය. පසුගිය අගෝස්තු 31 වන දින කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැති අවසන් මහා තරගයේදී නෙතකි ලොකුගමගේ මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා කිරුළ දිනා ගැනීමට සමත් විය.
මෙම තරගාවලිය පුරාම තරගකාරියන්ගේ පෞරුෂත්වය ඔප්නැංවීම සඳහා බෙවර්ලි හිල්ස් පෝලෝ ක්ලබ් විසින් ‘The Art & Science of Fragrances’ තේමාව යටතේ විශේෂ වැඩමුළු මාලාවක් සංවිධානය කරන ලදී. සුවඳ විලවුන් භාවිතය සහ ආත්මවිශ්වාසය අතර ඇති සබඳතාව ඉස්මතු කරමින් තරගකාරියන්ට ජයග්‍රාහී මානසිකත්වයක් ලබා දීම මෙහි අරමුණ විය.
මෙවර අවසන් මහා තරගය සඳහා බෙවර්ලි හිල්ස් පෝලෝ ක්ලබ්හි ගෝලීය අලෙවිකරණ ජ්‍යෙෂ්ඨ උපසභාපති ඬේමියන් මිසීර්ජීහ්ව් මහතා ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණීම විශේෂත්වයක් විය. ඔහුගේ සහභාගීත්වය මෙම සහයෝගීතාවයේ වැදගත්කම තවදුරටත් තහවුරු කළේය.
ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සූදානම් වන නෙතකි ලොකුගමගේ වෙත සිය සහයෝගය පළ කරමින්, ඇය සඳහා වසරක කාලයක් නොමිලේ බෙවර්ලි හිල්ස් පෝලෝ ක්ලබ් සුවඳ විලවුන් නිෂ්පාදන ලබා දීමටද එම සන්නාමය පියවර ගෙන ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර