ගෝලීය තෙල් අර්බුදය සහ පවතින ආර්ථික අභියෝග හමුවේ රාජ්‍ය වියදම් අවම කිරීම සඳහා පාකිස්තාන රජය නව සීමා රැසක් පනවා ඇත. රජයේ ඉන්ධන පරිභෝජනය 50%කින් අඩු කිරීමට තීරණය කර ඇති අතර, සන්නද්ධ හමුදා සහ අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන සඳහා මෙම නියෝගය බලාත්මක වේ.
මීට අමතරව, 2026/27 මූල්‍ය වර්ෂය සඳහා පුනරාවර්තන නොවන වියදම් මාසික අයවැයෙන් 5%කින් කපා හැරීමටත්, නව වාහන මිලදී ගැනීම් තාවකාලිකව අත්හිටුවීමටත් පියවර ගෙන තිබේ. විදේශ සංචාර සඳහාද මාස තුනක තහනමක් පනවා ඇති අතර, අත්‍යවශ්‍ය විදේශ ගමන් සඳහා නිලධාරීන්ට අවසර ලැබෙන්නේ සාමාන්‍ය මගී පන්තියේ ගමන් කිරීමට පමණි.
රාජ්‍ය ආයතනවල නිල භෝජන සංග්‍රහ සහ අනවශ්‍ය සම්මන්ත්රණ පැවැත්වීමද සීමා කර ඇති අතර, රැස්වීම් හැකි සෑම විටම දුරස්ථ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට උපදෙස් ලබා දී ඇත. විවාහ උත්සව වැනි සමාජ උත්සවවලදී ආහාර වර්ග එකකට පමණක් සීමා කරන ලෙසද රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ව්‍යාපාරික ස්ථාන සඳහාද නව වේලා සීමාවන් හඳුන්වා දී ඇති අතර, ඒ අනුව සාප්පු සංකීර්ණ රාත්‍රී 9.00ටත්, උත්සව ශාලා රාත්‍රී 10.00ටත් වසා දැමිය යුතුය. කෙසේ වෙතත්, ඖෂධහල්, රෝහල් සහ ඉන්ධන පිරවුම්හල් වැනි අත්‍යවශ්‍ය සේවාවන් මෙම සීමාවලින් නිදහස් කර තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර