පාකිස්තානයේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි ඉස්ලාම් පල්ලියක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම ප්‍රහාරය සඳහා බෝම්බ ඇටවූ මෝටර් රථයක් යොදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන් 15 දෙනෙකු සහ කුඩා දරුවෙකු ද සිටින බව තහවුරු වී තිබේ.

පල්ලියට ප්‍රහාරය එල්ල කිරීමට පෙර, තුවක්කුකරුවන් විසින් අසල පිහිටි පොලිස් මුරපොලක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම් සිදුකර ඇති බව ද වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version