ආසියාවේ විශාලතම ක්‍රීඩා මංගල්‍යය වන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ අයිචි-නගෝයා නගරයේදී ඊයේ (19) උත්සවාකාරයෙන් ආරම්භ කෙරිණි. මෙම ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 4 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

“Imagine One Asia” යන තේමා පාඨය යටතේ පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා ආසියානු ඔලිම්පික් කවුන්සිලයට අයත් රටවල් සහ කලාප 45ක් නියෝජනය කරන කණ්ඩායම් සමඟින්, ප්‍රථම වරට එක්වන ආසියානු සරණාගත කණ්ඩායමද ඇතුළුව සමස්ත කණ්ඩායම් 46ක් සහභාගී වේ.

ජපානය ආසියානු ක්‍රීඩා උළෙලකට සත්කාරකත්වය සපයන තෙවැනි අවස්ථාව මෙය වේ. මීට පෙර 1958 වසරේදී ටෝකියෝ නුවරදී සහ 1994 වසරේදී හිරෝෂිමා නුවරදී මෙම ක්‍රීඩා උළෙල පවත්වා ඇත.

මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000කට අධික පිරිසක් සහ නිලධාරීන් 6,000ක් පමණ එක්ව සිටිති. ක්‍රීඩා ඉසව් 43ක් යටතේ තරග 469ක් පැවැත්වීමට නියමිත අතර, සමාරම්භක හා සමාප්ති උළෙල ඇතුළු ප්‍රධාන මලල ක්‍රීඩා තරග සඳහා ආසන 35,000ක ධාරිතාවකින් යුත් පලෝමා මිසුහෝ ක්‍රීඩාංගණය යොදා ගැනේ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version