ප්‍රවීණ මාධ්‍යවේදී, ලේඛක සහ ගීත රචක සමන් අතාවුදහෙට්ටිගේ නවතම කෘතිය වන ‘සොඳුරු සැරිසර – ඉන්දියන් රේල් පීලි දිගේ’ එළිදැක්වීමේ උත්සවය පසුගිය සැප්තැම්බර් 09 වැනිදා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.
සමන් අතාවුදහෙට්ටි ඉන්දියාවේ දින 40ක් පුරා දුම්රියෙන් කිලෝමීටර් 13,000කට අධික දුරක් ගමන් කරමින් ලබාගත් අත්දැකීම් පාදක කරගනිමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මෙය ඔහුගේ ‘සොඳුරු සැරිසර’ චාරිකා සටහන් පොත් පෙළෙහි හත්වැනි කෘතිය වේ.
මෙම උත්සවය අතිශය නිර්මාණශීලී ලෙස දුම්රිය ගමනක ස්වරූපයෙන් සංවිධානය කර තිබීම විශේෂත්වයක් විය. උත්සවයේදී මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගම් ඇතුළු සම්භාවනීය අමුත්තන් අදහස් දැක්වූ අතර, සංගීත පීඨයේ ආචාර්යවරුන් විසින් ඉන්දීය ජන සංගීතය සහ සිනමා ගීත ඇතුළත් ‘ලෝක් සංගීත් චාරිකා’ නම් සංගීතාංගයක් ඉදිරිපත් කරන ලදී.
තම කෘතිය එළිදැක්වීමේ උත්සවයේදී සමන් අතාවුදහෙට්ටි ප්‍රධාන ආසනවලට නොව ප්‍රේක්ෂකාගාරයේ පසුපස අසුනක සාමාන්‍ය පාඨකයෙකු ලෙස රැඳී සිටීම බොහෝ දෙනාගේ අවධානයට ලක් විය.
විවිධ සංස්කෘතීන් සහ රටවල් අතර පාලම් තැනීම මිනිස් ශිෂ්ටාචාරයේ අසිරිය බව පෙන්වා දෙමින්, මෙම කෘතිය හරහා ඉන්දීය සහ ශ්‍රී ලාංකීය පාඨකයන් අතර නව සංවාදයක් ගොඩනැගීමට ඔහු උත්සාහ දරා ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර