කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවන්ට අනුව, පසුගිය පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ මාලිබොඩ ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. එම අගය මිලිමීටර් 104ක් ලෙස සටහන්ව ඇත.
එම දිස්ත්‍රික්කයේම කළුපහන ප්‍රදේශයෙන් මිලිමීටර් 95.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය ප්‍රදේශයට මිලිමීටර් 85.5ක වර්ෂාපතනයක් ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රදේශයෙන් මිලිමීටර් 85.0ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ දම්මුල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 82.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.
