පසුගිය දින කිහිපය තුළ දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41ක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවන්ට අනුව, පවුල් 458කට අයත් පුද්ගලයින් 1,616 දෙනෙකු මෙම ආපදා තත්ත්වයන්ගෙන් බලපෑමට ලක්ව ඇත.

පසුගිය 18 වැනිදා සිට අද (22) උදෑසන 6.00 දක්වා කාලය තුළ වාර්තා වූ සිදුවීම්වලින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් අයෙකු අතුරුදන්ව ඇති බව එම මධ්‍යස්ථානය තහවුරු කරයි.

ඊයේ (21) රාත්‍රියේ හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් ගලහිටියාව උතුර ග්‍රාම නිලධාරී වසමේ නිවාස 5කට හානි සිදුවී තිබේ. එම ප්‍රදේශයේ විදුලි රැහැන් පද්ධතියට ද දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.

ආපදාවට ලක්වූවන්ගෙන් පවුල් 26කට අයත් පුද්ගලයින් 94 දෙනෙකු මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 3ක රඳවා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇත. හදිසි ආපදා තත්ත්වයක් පිළිබඳ තොරතුරු වාර්තා කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version