බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියම යුවළක් වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං සිය දෙවන දරුවා ලෙස දියණියක පිළිගෙන ඇති බව වාර්තා වේ. පසුගිය සැප්තැම්බර් 19 වැනිදා, රාධා අෂ්ටමි දිනයේදී මෙම දියණිය උපත ලබා ඇති අතර, මෙම සුබ පුවත යුවළ විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ රසිකයන් සමඟ බෙදාගෙන තිබුණි.
අලුත උපන් දියණියගේ පාදයේ සලකුණක් දැක්වෙන සංවේදී ඡායාරූපයක් පළ කරමින් ඔවුන් මෙම පුවත නිවේදනය කළ අතර, ඊට බොලිවුඩ් තරු රැසක් සහ රසිකයන්ගෙන් උණුසුම් සුබ පැතුම් හිමිවෙමින් පවතී.
දීපිකා සහ රන්වීර්ගේ පළමු දියණිය වන දුවා පදුකෝන් සිං 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී උපත ලැබීය. ඒ අනුව, සහෝදරියන් දෙදෙනා අතර වයස් පරතරය වසර දෙකක් වේ.
මෙම දරුවාගේ උපතට පෙර, පසුගිය සැප්තැම්බර් 18 වැනිදා දීපිකා සහ රන්වීර් මුම්බායිහි සිද්ධිවිනායක දේවාලයට ගොස් ආශීර්වාද ලබාගෙන තිබුණි. 2018 වසරේදී විවාහ වූ මෙම යුවළ දෙවන දරුවෙකු අපේක්ෂා කරන බව පසුගිය අප්‍රේල් මාසයේදී ප්‍රසිද්ධියට පත් කර තිබුණි.
