ජපානය හරහා ගමන් කරන ‘ඩුජුවාන්’ නම් ප්‍රබල සුළි කුණාටුව හේතුවෙන් එරට ප්‍රාන්ත කිහිපයකට දැඩි බලපෑම් එල්ල වී තිබේ. පැයට කිලෝමීටර 130ක පමණ වේගයකින් හමා යන මෙම සුළි කුණාටුව ජන ජීවිතයට දැඩි තර්ජනයක් බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවයි.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ. ආරක්ෂිත පියවරක් ලෙස මිලියන දෙකකට ආසන්න ජනතාවකට වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස බලධාරීන් දැනුම් දී ඇත.

සුළි කුණාටුවේ බලපෑමෙන් නිවාස 5,000කට අධික සංඛ්‍යාවක විදුලි බලය ඇණහිට ඇති අතර, ප්‍රවාහන කටයුතු ද දැඩි ලෙස අඩාල වී තිබේ. ඒ අනුව, ජපානය තුළ ක්‍රියාත්මක ගුවන් ගමන් සහ දුම්රිය ගමන් වාර රැසක් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version