අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් විවිධ සේවා ගණවලට අයත් නිලධාරීන් සඳහා වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය ආරම්භ කර තිබේ. ඒ අනුව ප්‍රථමික ශිල්පීය නොවන සේවා ගණයේ අධිකරණ ආරක්ෂක නිලධාරීන්, සමථ පුහුණු නිලධාරීන් සහ කාර්යාල සේවක සේවයේ නිලධාරීන් සඳහා අදාළ ස්ථාන මාරු යෝජනා ඉදිරිපත් කර ඇත.

එමෙන්ම, කම්කරු විනිශ්චය සභාවල සේවය කරන ලඝු ලේඛකයන්, භාෂා පරිවර්තකයන් සහ ලිපිකරු නිලධාරීන් සඳහා ද වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම ස්ථාන මාරු යෝජනා සමාලෝචන කමිටුවේ තීරණවලට යටත්ව සිදු කෙරෙන අතර, අදාළ සියලුම ස්ථාන මාරු 2026 මැයි මස 04 වන දින සිට බලාත්මක වනු ඇත.

ස්ථාන මාරු සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති අභියාචනා පිළිබඳ සමාලෝචන කමිටුවේ අවසන් තීරණ ද මේ වන විට අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත. අදාළ නිලධාරීන්ට අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හරහා වැඩිදුර තොරතුරු සහ ස්ථාන මාරු ලැයිස්තු පරීක්ෂා කර ගත හැකිය.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version