පසුගිය වසර දෙකක කාලය තුළ සූර්ය බලශක්තිය මගින් මෙගාවොට් 1513ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට හැකිවූ බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. වසර පහක් තුළ මෙගාවොට් 2000ක ඉලක්කයක් සපුරා ගැනීම රජයේ අපේක්ෂාව වුවද, මේ වන විටත් ඉන් විශාල කොටසක් සාර්ථකව ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට හැකි වී ඇත.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු අනාවරණය කෙරිණි. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර ජයලත් බණ්ඩාර මහතා සඳහන් කළේ, 2030 වසර වන විට පුනර්ජනනීය බලශක්ති දායකත්වය සියයට 70ක් දක්වා ඉහළ නැංවීම රජයේ ප්‍රධාන ඉලක්කය බවයි.
මෙම බලශක්ති ප්‍රතිපත්තිය හරහා 2030 වසර වන විට විදුලි බිල සියයට 30කින් අඩු කිරීම රජයේ අපේක්ෂාව බවද මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරමින් පිරිවැය අවම කිරීම සඳහා මෙම පියවරයන් අත්‍යවශ්‍ය බව බලධාරීන් පෙන්වා දෙයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර