යාපනය, නල්ලූර් අනුස්මරණ චතුරශ්‍රයේ ස්ථාපිත කර තිබූ තිලීපන් (රාසයියා පාර්තිපන්) ගේ ප්‍රතිමාව ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දක්වා තිබේ.
රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම ප්‍රතිමාව ඉවත් කිරීම සඳහා පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, ඒ සම්බන්ධ නඩුවක් මේ වන විට විභාග වෙමින් පවතින බවත්ය. ප්‍රතිමාව ඉවත් කිරීමට පෙර පොලිසිය විසින් නීතිමය පියවර ගෙන තිබූ බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
තිලීපන් අනුස්මරණ උත්සව වාර්ෂිකව පැවැත්වුවද, මෙවර ප්‍රතිමාවක් ස්ථාපිත කර තිබූ බවත්, තහනම් සංවිධානයක ලාංඡන හෝ සංකේත ප්‍රදර්ශනය කිරීමට මෙරට නීතියෙන් ඉඩක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය. “එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක්. තහනම් සංවිධානයක ධජ, ලාංඡන ආදිය ප්‍රවර්ධනය කිරීමට හෝ ප්‍රදර්ශනය කිරීමට මෙරට නීතිය ඉඩ දෙන්නේ නැහැ,” යනුවෙන් ඔහු සඳහන් කළේය.
තිලීපන්ගේ 39 වැනි සංවත්සරය වෙනුවෙන් පැවති අනුස්මරණ උත්සවය අවසන් වීමෙන් අනතුරුව, සැප්තැම්බර් 27 වැනිදා පොලිසිය විසින් මෙම ප්‍රතිමාව ඉවත් කරන ලදී. රට තුළ වාර්ගික ආතතීන් ඇති කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට එරෙහිව රජය නීතිමය පියවර ගන්නා බවද අමාත්‍ය ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර