දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු ආදායම් ඉලක්ක මේ වන විට සාර්ථකව ඉක්මවා ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ජේ.ටී. චන්දන මහතා පවසයි.
මෙම වසර අවසන් වන විට අපේක්ෂිත ආදායම් ඉලක්කයට අමතරව රුපියල් බිලියන 100ක පමණ අතිරික්ත ආදායමක් උපයා ගැනීමට හැකි වනු ඇති බව ඔහු සඳහන් කරයි.
පසුගිය ජූනි මස 30 වන දින දක්වා කාලය තුළ 40%ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට නියමිතව තිබුණද, එම කාලසීමාව වන විට 46%ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.
මේ අතර, 2025/2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවීමට ලබා දී තිබූ සහන කාලය අදින් (30) අවසන් වන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්වරයා වැඩිදුරටත් සිහිපත් කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර