සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය යටතේ පවතින හෙද විද්යාලවලින් වසර තුනක උසස් ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කළ හෙද සිසුන් 2,820 දෙනෙකු සඳහා අද (01) පත්වීම් ලබා දීමට නියමිතය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී මෙම උත්සවය පැවැත්වේ.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු අමාත්යාංශයේ ඉහළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම පත්වීම් ලිපි ප්රදානය සිදු කෙරේ. 2019 සහ 2020 වසරවලදී උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 2023 වසරේ අගෝස්තු මාසයේදී දිවයින පුරා පිහිටි හෙද පුහුණු විද්යාල 15කට ඇතුළත් කරගනු ලැබීය.
මෙම නව පත්වීම් ලැබූ හෙද නිලධාරීන් දිවයින පුරා පිහිටි මධ්යම රජයේ සහ පළාත් සභා යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්ය ආයතන වෙත අනුයුක්ත කිරීමට නියමිතය. රටේ රෝහල් පද්ධතියේ පවතින හෙද කාර්ය මණ්ඩල හිඟය මගහරවා ගනිමින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සෞඛ්ය සේවාවක් ලබා දීම මෙම බඳවාගැනීමේ අරමුණයි.
මීට අමතරව, දැනට සේවයේ නියුතු පළමු ශ්රේණියේ හෙද නිලධාරීන් 76 දෙනෙකුට විශේෂ ශ්රේණියේ හෙද නිලධාරීන් ලෙස උසස්වීම් ලබා දීමේ ලිපි ප්රදානය කිරීමද මෙම උත්සවයේදී සිදු කෙරේ. මෙම අවස්ථාව සඳහා සෞඛ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ සහ සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අසේල ගුණවර්ධන ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර