රට පුරා පිහිටි සියලුම පොලිස් ස්ථානවල සිරමැදිරි අද්දර සහ ඇතුළත පැහැදිලිව පෙනෙන ආකාරයට නව ආරක්ෂිත කැමරා (CCTV) පද්ධති සවි කිරීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක කර ඇත. පොලිස් මූලස්ථාන ජ්යෙෂ්ඨ නිලධාරියෙකු මේ බව තහවුරු කළේය.
මෙම නව සීසීටීවී ජාලය ස්ථාපනය කිරීම හරහා සැකකරුවන්ට සිදුවිය හැකි ප්රචණ්ඩකාරී ක්රියා සහ අකටයුතුකම් මඟහරවා ගැනීමට අපේක්ෂා කෙරේ. සිරමැදිරි තුළ ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම විනිවිදභාවය පවත්වා ගැනීමට මෙය ඉමහත් පිටුවහලක් වනු ඇත.
මීට අමතරව, සිරමැදිරිවල රඳවා සිටින පුද්ගලයන් බැලීම සඳහා පැමිණෙන හිතවතුන් විසින් නීති විරෝධී ද්රව්ය රහසිගතව ලබා දීමට උත්සාහ කරන අවස්ථා මෙම කැමරා පද්ධතිය මඟින් පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි බව පොලිසිය පෙන්වා දෙයි.
අක්රමිකතා වැළැක්වීම සහ නීතිය ක්රියාත්මක කිරීමේ ක්රියාවලිය වඩාත් විධිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම ආරක්ෂිත පියවර ගෙන තිබේ.
