නේපාලයේ පිහිටි ගැඹුරුම විල වන ‘ෂේ ෆොක්සුන්දෝ’ (Shey Phoksundo) නැරඹීමට ගිය ඉන්දීය ජාතිකයන් හය දෙනෙකු අතුරුදන්ව තිබේ. අතුරුදන් වූ පිරිස අතර පිරිමි පුද්ගලයන් සිව්දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිරිස දොල්පා දිස්ත්‍රික්කයේ නුමා ලා සහ බගා ලා කඳුකර මාර්ග ඔස්සේ ගමන් කරමින් සිටියදී ඔවුන්ගේ සන්නිවේදන සබඳතා ඇනහිට ඇති බව සඳහන් වේ. බෙංගාල බොක්කේ හටගත් ‘ඔර්නාබ්’ සුළි කුණාටුවේ බලපෑමෙන් එම කලාපයට දැඩි හිමපතනයක් සිදුවෙමින් පවතී.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ මාර්ගවල ඇති අවදානම් ස්වභාවය පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් අනතුරු අඟවා තිබුණද, ඔවුන් එම උපදෙස් නොතකා සංචාරයේ නිරත වී ඇති බව වාර්තා වේ.

මේ වන විට අතුරුදන් වූවන් සොයා මුදාගැනීමේ කණ්ඩායම් එම ප්‍රදේශය වෙත යොදවා ඇති බව බලධාරීන් පවසයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version