ඉරානයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි ‘පිකැක්ස් කන්ද’ (Pickax Mountain) ආශ්රිත න්‍යෂ්ටික පහසුකම් ඉලක්ක කර ගනිමින් න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින බව ඇමරිකානු දේශපාලන විචාරක ටකර් කාල්සන් අනාවරණය කරයි.
ඊශ්‍රායල බුද්ධි අංශවලට අනුව, අදාළ ස්ථානයේ යුරේනියම් පොහොසත් කිරීමේ කටයුතු නැවත ආරම්භ කර ඇති අතර, එය අඩි 300ක් පමණ ගැඹුරින් ග්‍රැනයිට් පාෂාණ යට පිහිටා ඇති බැවින් සාම්ප්‍රදායික ආයුධවලින් එය විනාශ කිරීම කළ නොහැකි බව පැවසේ. මෙම තත්ත්වය හමුවේ නෙතන්යාහු දිනපතාම ජනාධිපති ට්‍රම්ප්ව දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් ප්‍රහාරයක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින බව වාර්තා වේ.
දේශීය දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින නෙතන්යාහු, බලයේ රැඳී සිටීම සඳහා ට්‍රම්ප්ගේ මැදිහත්වීම සහ යුදමය වාතාවරණයක් අපේක්ෂා කරන බව කාල්සන් වැඩිදුරටත් සඳහන් කරයි. කෙසේ වෙතත්, ඇමරිකානු පරිපාලනය තුළ සිටින ඇතැම් ඉහළ පෙළේ නිලධාරීන් මෙම යුදමය ස්ථාවරයට සහාය පළ කළද, ජනාධිපති ට්‍රම්ප් තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට පසුබට වෙමින් සිටින බව පැවසේ.
මෙවැනි න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වුවහොත් එය ගෝලීය වශයෙන් දරුණු ව්‍යසනයකට සහ පෙර නොවූ විරූ දේශපාලන ප්‍රතිවිපාකවලට මග පාදනු ඇති බවට ජාත්‍යන්තර නිරීක්ෂකයෝ අනතුරු අඟවති. නොවැම්බර් 7 වැනිදා වන විට මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් යම් තීරණයක් ලැබිය හැකි බවට ද වාර්තා පළ වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර