දිවයින පුරා ක්‍රියාත්මක සමෘද්ධි ප්‍රජාමූල බැංකු 1,400කට අධික සංඛ්‍යාවක් එකිනෙකට ජාලගත කරමින්, ඒකාබද්ධ හා ශක්තිමත් ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතියක් ස්ථාපිත කිරීමට අදාළ යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා මේ බව තහවුරු කළේය.
අඩු ආදායම්ලාභී පවුල් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබලගැන්වීම අරමුණු කරගනිමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ. ඒ අනුව 2029 වසර වන විට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12ක් සවිබලගැන්වීම රජයේ ප්‍රධාන ඉලක්කයයි.
මෙම වැඩසටහන් යටතේ ‘සවිබල’ ණය යෝජනා ක්‍රමය හරහා සියයට 2ක සහන පොලී අනුපාතයක් ලබාදීම, ස්වයං රැකියා සඳහා පහසුකම් සැලසීම සහ තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබාදීම සිදු කෙරේ. මීට අමතරව, ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ‘සුව බොජුන්හල්’ ව්‍යාපෘතිය ද ක්‍රියාත්මක වේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, 2024 වසරේ සියයට 24ක් ලෙස පැවති මෙරට දිළිඳුකමේ අනුපාතය 2026 ඔක්තෝබර් මාසය වන විට සියයට 15.8 දක්වා පහත වැටී ඇති බවයි. ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා අස්වැසුම ඇතුළු විවිධ දීමනා ඉහළ නැංවීමට ද රජය පියවර ගෙන ඇත.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර