කාන්තා නායකත්වය යනු තවදුරටත් හුදෙක් සමානාත්මතාව ළඟා කර ගැනීම පිළිබඳ ඉලක්කයක් පමණක් නොවන බවත්, එය ගෝලීය පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත්ව තිබෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ඇන්ටිගුවා සහ බාබුඩා රාජ්‍යයේ ශාන්ත ජෝන්ස් නගරයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය කාන්තා සංසදයේ පළමු සභා වාරයේ සමාරම්භක සැසිය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. ‘ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම, සමෘද්ධිමත් හා ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් පොදුරාජ්‍ය මණ්ඩලයක් සඳහා වන ආයෝජනය’ යන්න එහි තේමාව විය.
භූ දේශපාලනික අස්ථාවරත්වය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය, තාක්ෂණික අපයෝජන සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මතුවන අභියෝග දිනෙන් දින වැඩි වෙමින් පවතින බව ඇය පෙන්වා දුන්නාය. ගෝලීය දකුණේ රටවල අත්දැකීම් අනුව මෙම අභියෝග ජය ගැනීමට සාමූහික ප්‍රවේශයක් අවශ්‍ය බවද ඇය අවධාරණය කළාය.
බලය, ප්රාග්ධනය සහ ආරක්ෂාව ලබා ගැනීමේදී කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන ව්‍යුහාත්මක බාධක ඉවත් කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. විශේෂයෙන්ම අවදානමට ලක්විය හැකි දූපත් රාජ්‍යයන්හි කාන්තාවන් වෙනුවෙන් දේශගුණික යුක්තිය තහවුරු කිරීමේ වැදගත්කම ඇය පෙන්වා දුන්නේය.
සැබෑ සමානාත්මතාව ළඟා කරගත හැක්කේ කඩින් කඩ සිදුකරන ප්‍රතිපත්ති සංශෝධන මගින් නොවන බවත්, ඒ සඳහා රජයන්, සිවිල් සමාජය, පෞද්ගලික අංශය මෙන්ම පුරුෂ පාර්ශ්වයද එක්ව ශක්තිමත් සන්ධානයක් ගොඩනගා ගත යුතු බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඉදිරියට ගෙන යාමට සහ සාමූහික ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් 14 වන පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා කටයුතු අමාත්‍යවරුන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට රජය සූදානමින් සිටින බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර