කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ 2026 වර්ෂය සඳහා වූ ශිෂ්‍ය නායක දිනය පසුගියදා විද්‍යාලීය පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්ව සිටියේය.
විද්‍යාලයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් අනිල් ප්‍රියදර්ශන සහ විදුහල්පතිනි මධූකා දෑසමන් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ ආරාධනයෙන් පැවති මෙම උත්සවයේදී, නාවික හමුදාධිපතිවරයා වෙත ශිෂ්‍යභට කණ්ඩායම විසින් ආචාර පෙළපාළියක් පිරිනමන ලදී. ප්‍රධාන ශිෂ්‍ය නායක සදෙව් ආකාෂ් සහ ශිෂ්‍ය නායිකා ටනීෂා ඩියුමලී යන සිසුන් විසින් උත්සව සභාව පිළිගනු ලැබීය.
සභාව ඇමතූ නාවික හමුදාධිපතිවරයා, වර්තමාන පාසල් දරුවන් මුහුණ දෙන මත්ද්‍රව්‍ය උවදුර වැනි සමාජ අභියෝග ජය ගැනීම සඳහා ගුරුවරුන්, දෙමාපියන් සහ ශිෂ්‍ය නායක මණ්ඩලයේ වගකීම පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ‘ජෙන් Z’ පරම්පරාවට අදාළ අභියෝග හඳුනාගෙන, තනතුරට වඩා සේවයට මුල්තැන දෙමින් ආදර්ශමත් නායකත්වයක් ලබා දෙන ලෙස ඔහු සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම උත්සවයට සමගාමීව සංවිධානය කර තිබූ ‘Phoenix Labyrinth’ නායකත්ව වැඩසටහනේ ජයග්‍රාහකයන් වෙත සහතිකපත් ප්රදානය කිරීම ද නාවික හමුදාධිපතිවරයා අතින් සිදු විය. මෙම අවස්ථාව සඳහා ආරක්ෂක අංශ නිලධාරීන්, ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන් විශාල පිරිසක් එක්ව සිටියහ.
AI illustration; not a photograph of the reported event.
