දීපාවලී උත්සවය සැමරීම සඳහා කොළඹ සිට සිය ගම්බිම් බලා යන මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර ඇත.

මෙම මස 08 වැනිදාට යෙදී ඇති දීපාවලී උත්සවය වෙනුවෙන් අද (06) සහ හෙට (07) යන දිනවල පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සහ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළ වෙත විශාල මගීන් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ වන විටත් හැටන්, තලවාකැලේ සහ නුවරඑළිය වැනි ප්‍රදේශ වෙත ධාවනය වන බස් රථවල ආසන විශාල ප්‍රමාණයක් වෙන්කර අවසන් බව ආසන වෙන්කිරීමේ සේවාව පවසයි. මීට අමතරව යාපනය, වව්නියාව, බදුල්ල, මඩකලපුව සහ අම්පාර වැනි ප්‍රදේශවලට ගමන් කරන බස් රථ සඳහාද මගීන්ගෙන් ඉහළ ඉල්ලුමක් පවතී.

උත්සව සමයේ ඇතිවිය හැකි මගී තදබදය අවම කර ගැනීම සඳහා කල්වේලා ඇතිව සිය ගමන් පහසුකම් සලසා ගන්නා ලෙස බලධාරීන් මගීන්ගෙන් ඉල්ලා සිටී. ඒ සඳහා 1315.lk හෝ sltbeseat.lk යන වෙබ් අඩවි ඔස්සේ අන්තර්ජාලය හරහා ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම ලබාගත හැකිය.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version