ඩුබායිහිදී පැවැත්වුණු 2026 වසරේ ඉස්ලාමීය මූල්‍ය ප්‍රවෘත්ති (IFN) සම්මාන උළෙලේදී ප්‍රධාන පෙළේ සම්මාන තුනක් දිනා ගැනීමට අමානා බැංකුව සමත්ව ඇත. මේ හරහා ශ්‍රී ලංකාවේ පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ සිය ප්‍රමුඛස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට එම බැංකුවට හැකි වී තිබේ.

පසුගිය වසර 5 තුළ අඛණ්ඩව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව වශයෙන් IFN සම්මානය හිමිකර ගැනීමට අමානා බැංකුව සමත්වීම විශේෂත්වයකි. මීට අමතරව, මෙරට විශිෂ්ටතම පාරිභෝගික බැංකුව සහ වඩාත්ම නවෝත්පාදනයට නැඹුරු බැංකුව යන සම්මාන ද මෙවර උළෙලේදී එම බැංකුව වෙත හිමිවිය.

මැලේසියාවේ REDMoney සමූහය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලට දශක දෙකක ඉතිහාසයක් පවතියි. ගෝලීය මට්ටමින් ඉස්ලාමීය මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතන සහ සුවිශේෂී සේවාවන් ඇගයීමට ලක් කිරීම මෙහි අරමුණයි.

මෙම සම්මාන උළෙල සඳහා ලෝකයේ රටවල් රැසක මූල්‍ය ආයතන වාර්ෂිකව සම්බන්ධ වේ. අමානා බැංකුව නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා ඩුබායිහි පැවති මෙම උත්සවයට සහභාගී වී තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version