සංශෝධිත අස්වැසුම ප්‍රතිලාභී නාම ලේඛනය සම්බන්ධයෙන් වන අභියාචනා ලබන නොවැම්බර් 11 වැනිදා දක්වා ඉදිරිපත් කළ හැකි බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
අධ්යක්ෂ මණ්ඩලයේ සභාපති නිමල් කොටවෙලගෙදර මහතා ප්‍රකාශ කළේ, අදාළ අභියාචනා සහ විරෝධතා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාරදිය යුතු බවයි. අභියාචනා කමිටුවල මුලසුන ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් හොබවන බැවින් මෙම පියවර ගෙන ඇත.
නීතියෙන් නියම කර ඇති දින දහයක කාලය තුළ අදාළ කටයුතු අවසන් කිරීමට නියමිත අතර, නොවැම්බර් 11 වනදා එහි අවසන් දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
නව සංශෝධිත ලැයිස්තුවට අනුව දළ වශයෙන් 991,800ක් පමණ අස්වැසුම ප්රතිලාභ සඳහා සුදුසුකම් ලබා ඇති බව හඳුනාගෙන ඇති අතර, මීට පෙර තෝරාගත් තවත් 265,315 දෙනෙකුට ද දීමනාව අඛණ්ඩව ලැබෙනු ඇත.
තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා වන මුල් අස්වැසුම ගෙවීම් නොවැම්බර් මස අවසන් සතියේදී ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, නොවැම්බර් 27 වැනි දින සංශෝධිත ප්‍රතිලාභී ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට අපේක්ෂා කෙරේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර