දීපවාලි උත්සවයේ සැබෑ අරුත නිවාස ආලෝකමත් කිරීම පමණක් නොව, මිනිස් හදවත් තුළ දයාව, කරුණාව සහ සහෝදරත්වය වැනි මානව ගුණාංගවල ආලෝකය දැල්වීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
දීපවාලි උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, අඳුර දුරු කර ආලෝකය උදා කර ගැනීම වෙනුවෙන් කැපවීමේ වැදගත්කම මෙම උත්සවය සිහිපත් කරන බවයි.
වෛරය වෙනුවට කරුණාවත්, බෙදීම් වෙනුවට සහජීවනයත්, අසාධාරණය වෙනුවට යුක්තියත් තෝරා ගනිමින් සාධාරණ සහ මානුෂීය සමාජයක් ගොඩනැගීමට මෙම උත්සවය කදිම අවස්ථාවක් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවන්ට ගරු කරමින්, සෑම පුරවැසියෙකුටම සමානාත්මතාවයෙන් සහ ගෞරවයෙන් ජීවත් විය හැකි රටක් ගොඩනැගීම සඳහා තමන් කැපවී සිටින බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව ආර්ථික හා සමාජීය වශයෙන් ශක්තිමත් කර, ජාත්‍යන්තරය තුළ ගෞරවයෙන් හිස ඔසවා සිටින සාමයේ සහ මානව දයාවේ දේශයක් බවට පත් කිරීමේ ගමන, මෙවර දීපවාලි පහන් ආලෝකයෙන් තවදුරටත් ආලෝකමත් වේවායි ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කරයි.
ලොව පුරා වෙසෙන සියලුම හින්දු බැතිමතුන් වෙත සාමය, සතුට සහ සෞභාග්‍යය පිරුණු දීපවාලි දිනයක් වේවායි ජනාධිපතිවරයා සිය සුබ පැතුම් එක් කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර