මිදිගම, දම්මල ප්‍රදේශයේ පිහිටි නිවසක් ඉලක්ක කර අද (11) අලුයම මෙම වෙඩි තැබීම සිදුව ඇත.

පොලිසිය පවසන පරිදි, දෙපාර්ශ්වයක් අතර කලක පටන් පවතින පෞද්ගලික ආරවුලක් හේතුවෙන් බිය ගැන්වීමේ අරමුණින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

මෙම සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව වාර්තා වේ. වෙඩි තැබීම සිදු වූ ස්ථානය පරීක්ෂා කළ පොලිසිය එහි තිබී උණ්ඩ කොපුවක් සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version