ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් 2026 ඩකාර් යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 1500 පිරිමි ධාවන ඉසව්ව නියෝජනය කළ ලහිරු අචින්ත රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

ලහිරු මෙම ජයග්‍රහණය වාර්තා කළේ මිනිත්තු 3:59.08ක කාලයක් වැය කරමිනි. යොවුන් ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් පළමු රිදී පදක්කම මෙය වීම විශේෂත්වයකි.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ‘මිෂන් ඔලිම්පික්’ වැඩසටහන යටතේ පුහුණුව ලබන ලහිරුගේ දක්ෂතා ඔප්නැංවීම සඳහා අමාත්‍යාංශය මීට මාස පහකට පෙර රුපියල් ලක්ෂ 50ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබුණි.

මෙම ආයෝජනය පිළිබඳව විවිධ මත පළ වුවද, දක්ෂ ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම සඳහා සිදුකරන මෙවැනි ආයෝජනවල වැදගත්කම ලහිරුගේ මෙම ජයග්‍රහණයෙන් යළිත් තහවුරු වන බව ක්‍රීඩා අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version