රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරමින් ඉදිරි සංවර්ධන ඉලක්ක කරා ළඟා වීම සඳහා මෙවර අයවැය මගින් පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදයකින් ගොඩ ඒමට උත්සාහ දරන රටක් ලෙස, මූල්‍ය විනය දැඩිව ආරක්ෂා කර ගනිමින් මෙම අයවැය සකස් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. ඒ හරහා ජනතාවට සහ විවිධ ක්ෂේත්රයන්ට උපරිම සහන සැලසීම රජයේ අපේක්ෂාවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සඳහන් කළේ, දේශීය මෙන්ම ජාත්‍යන්තර අභියෝග ජය ගනිමින් ආර්ථික වර්ධනයක් ඇති කිරීම මෙම අයවැයේ මූලික අරමුණ බවයි.
විදේශ සංචිත ඉහළ නංවා ගැනීම සහ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒම සඳහා අවශ්‍ය පියවර රැසක් ද මෙවර අයවැය තුළින් යෝජනා කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර